Monday, December 17, 2012

සඳ එළියේ කිමිදෙන්න....


කඳුලු වැල් ගලා ගිය
පුන්චි මුව මැලවිලා.....
රනින් දිදුලනා නුඹෙ
දෙනෙත් පෙති රතුවෙලා.....
මගේ පුන්චි තරු කැකුළ...
අඳුරු අහසකට වී
සුසුම් ලන්නේ කිමද....?

වැටහුනි මට.....

සරා සඳ සැඟව ගොස්
නුඹෙ සිනාවත් අරන්.....
අමාවක මහ දිගයි
සිතෙනවා නුඹෙ හිතට.....

නැත සබඳ...

අර බලන්න..

අමාවක පහව ගොස්
නුඹේ සඳ හෙමි හෙමින්
දෑත විහිදා නුඹට
එන්න යැයි කියනවා.....
මගේ පුන්චි තරු කැකුළ.....
ඉතින් දැන් නාඩන්න
සඳ මඩළ වෙතට ගොස්
කිමිදෙන්න...
සැනසෙන්න...
හිනහෙන්න...
දැන් නුඹට අවසරයි.....

ඔබේ සිතැඟි වලට ඉඩ...