Thursday, November 29, 2012

සත්තු වත්තේ නොකී කතාව...!!!


             මේ  මගේ පලවෙනි ලිපියේ දෙවෙනි කොටස හෙවත් අවසාන කොටස.කලින් කිව්ව වගේම දෙහිවල පිහිටා තිබුනු සත්තු එකතු කරන මධ්‍යාස්තානය ඒක ඔය අද වගෙ නෙවෙයි තිබුනෙ වනගතවයි තිබුනෙ . මාසයක් පුරාවට එකතු කරපු  සත්තු ඊලග මාසෙ මුල සතියෙදි නැවක් එනකම් මේකෙ තමයි රඳවල තියා ගත්තෙ. මේකෙ කිබුලො , කලු දිවියො , කොටින් , දිවි මකුලුවො ,වගේ මාංශ භක්ෂක සත්තුත් හිටිය. රැන්ඩො මහත්තයට තිබුනු ලොකුම අවුල තමා ඒ සත්තු ටිකට දෙන්න කෑම හොයා ගන්න  තිබුන අමාරුව. ඒ කට හේතුව උනෙ එද ලාංකිකයො අධ්‍යාත්මික වශයෙන් ඉහල තැනක  හිටියේ . කවුරුවත් වගේ මස් මාලු අහාරයට ගත්තෙ නැහැ . ඒ හින්ද ලංකාවෙ මස්, මලු කඩ තිබුනෙ අතේ අඟිලි ගානටත් වඩා අඩුවෙන් ඒ කත් අපේ රටේ හිටපු කලු සුද්දො වෙනුවෙන් .
         හොඳම උදාහරණය තමා දවසක් දිවියෙක්ගෙ කටින් බේරගත්ත වඳුරු පැටියෙක්ගෙ අත හොදටම තුවාල වෙලා . ඌ ගොඩාක් අමාරුවෙන් හිටියෙ . ඉතින් රැන්ඩො කිව්වා ඌව මරන්න කියල , ඒත් අපේ අය ඒකට එකඟා වුනේ නැහැ . බැරිම තැන එයාටම පොල්ලක් අරගෙන උගේ හිස දෙපලු කරන්න සිද්ද වුනා. ඒකෙන් පස්සෙ මෙයා ගැන අපේ අයගෙ හිතේ තිබුන විශ්වාසය අඩු උනා . ඒක ආයි මුල් තත්වෙට පත් කරගන්න ගොඩාක් මහන්සි වෙන්න සිද්ධ වුනා .
        ටික කාලයක් යද්දි එයාට් අවශය ආකාරයේ දුර්ලභ සතුන් , පැළෑටි ලැබුනෙ නැහැ . ඊට පස්සෙ එය කරේ එයාට අවශය සතුන්, පැළෑටි වල රූප ඇඳල අපේ අයට දීල අරගෙන අවොත් සල්ලි දෙන්නම් කිව්ව. ඒකත් පහු වෙද්දි මදි වෙච්ච හින්ද මෙයා දවස් 2ක 3න කට ඇති වෙන්න අවශය කෑම බීම අරගෙන කට්ටියකුත් එක්ක වනගත වෙලා එයාට යුරෝපයෙන් ලැබුන ඕඩර් සපුර ගන්නවා . ඒ අවස්තා වලදී තමන්ට වටිනා සතුන් එකතු කරගත් අතර ඇතැම් විට ඉතා නින්දිත අයුරින්ද ක්‍රියා කරා . වරෙක වැලහින්නක් හා පැටව් 2ක් ඔවුන් යන මගේ ඉදිරියට ආ විට වැලහින්නට වෙඩි තබා පැටවුන් 2නා ලබාගත්තා . තවත් වරෙක  එක් ගමක් බිය වද්දා ගෙන සිටි කලුදිවි ජෝඩුවකුයි පැටව් 2ක කුයි හිටියා . මෙයා කට්ටියත් එක්ක නැවතිලා උගුලක් අටවලා බලා ඉඳල කොහොම හරි දිවිය අල්ලගත්තා . සත්තු ගැන් හසල දැනුමක් තිබුනු රැන්ඩො දන්නව දිවි ධේනුව දිවිය හොයාගෙන කොයිවෙලේ හරි එනව කියල. ඒ හින්ද ඊලඟ දවසෙ රෑ හන්ගිල රැකගෙන හිටිය කට්ටියත් එක්ක . තම් ස්වාමියා කෙරෙහි දැඩි බැඳිමෙන් යුත් දිවිදෙන රෑ වෙනකොට හිමින් හෙමින් දිවියා ඉන්න කූඩුවට කිට්ටු කරා .තම  පෙම්බරියගේ සුවඳ දැනුනු  දිවියගෙ මුවුන් සිහින් කෙදිරිය පිට උනා පමනයි , රැන්ඩො දැන ගත්ත දිවිදෙන් ලගට අවිල්ල කියලා. බලනකොට දිවිදෙන කූඩුව ලඟ කරකෙනව . හරියටම ඉලක්කයි බලලා තුවක්කුව කොකා ගස්සපු රැන්ඩො දිවිදෙනගේ අවසන් හුස්ම දිවියාගේ දෑස් තෙත් කරමින් ගුවනට මුසුකරේ දිවියාගේ දරුණු හිත වෙඬරු පිඩක් මෙන් උණු කරමින්.




               මෙලෙස අපේ රටේ දුර්ලභ සතුන් , සර්පයින් , පැළෑටි දස දහස් ගණනක් පැටෙව්ව . ටිකෙන් ටික සංවර්ධනය  කරපු මද්‍යාස්ථානෙට නරබන්නන්ට එන්න පුලුවන් ක්‍රමයක් හැදුව . වනගතව තිබුනු මෙය හොඳට පිලිවෙලට සත්තු ගාල් කරල ඒව අතර ගමන් කරන්න පුලුවන් විදිහට මාර්ග පද්ධතිය ක් හදල ඔය දැන් දකින්න තියන සත්තු වත්තෙ මුල් ආකෘතිය නිර්මානය කරා . අදාල කාලසීමාව අවසන් වීමෙන් පසු එයාලගෙ රටට යනකොට තුවාල වෙච්ච එයාලට වඩක් නති සත්තු ඉතුරු කරල ඉතුරු ටික අරගෙන ගියා. ඒක හරියට අපෙන් වටිනා සම්පත් දහස් ගන්නක් අරගෙන ආ මේක ගන්න  කියල සන්තොසෙට රුපියල් 10ක් දීල වගේ .මේ ලගදිත් අපේ සහොදරයෙක් අලුත් දිවි මකුලුවෙක් හොයා ගත්ත .ඒ ගන විස් තරයක් බලන්න මෙතනින් යන්න   ඉතින් ඒ කාලෙ කොච්චර ඒ වගේ සීමිත ගානක් හිටපු සතුන් අපිට නතිවෙන්න ඇත්ද්?

           අපි කවුරුත්  වලින් විනෝද චාරිකාවක්  ගියොත් ගොඩක් දුරට සත්තුවත්ත බලන්න යනවා, පාසල් වලිනුත් එක්ක යනව ..ඒත් ගොඩක් අය එකෙ යට ගියාව දැනගෙන  ඉන්න නැතුව ඇති. වර්ත්මාන සත්තුවත්ත පැන් අහිමිවී ගිය සම්පත් සමූදායක තවත් එක් සංකේතයක් කියල මෙ මගේ පලවෙනි ලිපියෙන් ඔයාලට තේරුනා නම් මට ඒ ඇති .

තවත් මැවැනිම ලිපියකින් හමුවන තෙක් ඔයාල ඔක්කෝටම ජයෙන් ජය ….!!!!! 

Saturday, November 24, 2012


සත්තු වත්තේ නොකී කතා ...!!!!

මෙහි සදහන් වන්නේ වර්ෂ  1936 ට  පෙර අක්කර පහක පමණ පෙදෙසක් වසා සිටි දෙහිවල සතුන් එකතු කරන මධ්‍යාස්ථානය සත්තු වත්තක් බවට පත්වූ  ආකාරය හා එහි නොපෙනෙන ඇත්තයි.

      පෘතුගීසීන් ලංකාව  යටත් කරගන  ටික කාලයක් අපේ රටේ සම්පත් හූරා කැවා ..ඔවුන්ගෙන් ලන්දේසින් ලංකාවේ පාලන බලය උදුරාගෙන තවත් කාලයක් ඉතිරි ටිකත් කොල්ලකක ඉන්නද්දි තමා සුද්දන්ගෙ නැත්තම් බ්‍රිතාන්‍යාන්ගෙ  ඇහැ අපේ දිහාවට හැරුනෙ .
උන් කලේ අපේ රටේ තිබුනු මුතු මැණික් ,සතුන්  ආදී සම්පත් මෙහෙ ඉදගෙන රට පැටෙව්ව .ඒ කාලෙ අපේ ගැමි උදවියට එච්චර වටිනාකමක් මේ වයෙ පෙනුනෙ නැහැ .ඒ උනාට එවකට කාර්මික විප්ලවය පටන්ගෙන තිබුන යුරෝපා ජාතීන්ට නම් මේව ගොඩක් වටිනව .ඒ උනාට උන් අපෙ අයට ඒ බව දැනෙන්න දෙන්නැතුව අපේ අයගෙ ශ්‍රමය සූර කෑව අපෙන් උදව් ගත්ත .
 
      ජර්මනියට නැව් ගත කරන්න අපේ රටෙනුයි ,අනිත් රට වලිනුයි එකතු කරගත්ත සත්තු නැව් එනකන් තියගන්න හදගත්ත තැනක් තිබ්බ .ඒකෙ මුල් අයිති කරුවා වුනේ ජර්මන් ජාතික සතුන් එකතු කරන්නෙක් වන ජෝන් හේගන්බෙක් කියල කෙනෙක් . සත්තු එකතු කරන්නයි , මධ්‍යාස්තනයේ පාලන කටයුතුයි බාර වුනේ ජර්මන් ජාතික හයින් රැන්ඩෝ වෙතයි .

       රැන්ඩෝ ලංකාවට ආවෙ එයාගෙ පවුලත් එක්ක .ඔහු මෙහෙට එන්නෙ යුරෝපයේ රට වල විවිද පර්යේෂණ සදහාත් ,,සත්ව උද්‍යාන සදහාත් , සතුන් අති කරනන් සදහාත් ඉල්ලුම් කරන ලද ලැයිස්තුවක් අරගෙන මේකට විවිද ශාක හා පැළෑටි වර්ගත් අයත් වුනා . ඔහුට මෙරට විවිද කටයුතු සදහා උදව් වූයේ අපෙ හිටපු කලුසුද්දො  .ඉස්සෙල්ලම මේ වැඩේ  කරේ හැරී රූපසිංහ කියල තරුණයෙක් . ඔහු ඉස්සෙලම සත්තු අල්ලගෙන එන අයට සල්ලි දෙන්න පටන් ගත්ත .එකෙට රහ වටුනු අපේ අය කමත්තෙන්ම මේ වඩේ කරා .

.ඔන්න එක දවසක් එක ගමකට හර්‍යට වද දුන්නු මිනී  මරු කිබුලෙක් තරුනයො කට්ටියක් අල්ල ගත්ත . එයාල ඌව කරතයක දාගෙන ගොඩක් දුර ගෙවාගෙන දෙහිවල තිබ්බ මේ රැන්ඩො මහතයගෙ ගෙට නුදුරින් නවත්තල එක් කෙනෙක්  යැව්ව . ඒ තරුණයත් ගිහින් ඒ ගෙදර සේවකයෙක්ට කිව්වම විස්තරේ රැන්ඩො මහත්තය ගාවට යන්න දුන්න . එයාට සතා ගන විස්ත්තරේ කිව්ව.ඒ වෙනකොටත් කිබුල ඒ ගමෙ හිටපු වයසක අච්චි කෙනෙක් ගොදුරු කරගෙන අමරුවෙන් ඉදල තියෙන්නෙ .එහෙම ඉන්නකොට තමා මූව අල්ලගෙන තියෙන්නෙ .
     රැන්ඩෝ මහත්තය සත්තු ගැන හොදට් දන්න කෙනෙක් එයාට සතා ගැන කියනකොටම තේරුන මූ වටින එකෙක්ක් .බව.එය එක පාරටම කිව්ව මුගෙන් මට වැඩක් නෑ කියල.ඒත් තරුනය පිණ්සෙන්ඩු වෙලා කොහොම හරි රැන්ඩො මහත්තයාව කට්ටිය ඉන්න තැනට ගෙනිච්ච . රැන්ඩො අහනව මූට කීයක්ද ඕනි කියල .රුපියල් 30ක් විතර ඕනි කිව්වම රැන්ඩො පැත්තකට කෙල ගහල ගෙට ගියා . දන් කට්ටියට මාර upset එක .අමරුවෙන් ගෙනාපු ඒකා ආයි ගෙනියනත් බෑ .පස්සෙ ආයි කතා කරගෙන රුපියල් 15ක් අති කිව්ව.ඒ කලෙ රුපියල් 15ක් කියන්නෙත් හොද ගානක් .එකත් වැඩී කිව්වට පස්සෙ කොල්ලො ටික අහුව කේයක් පුලුවන්ද  කියල . රුපියල් 10ක් තම උපරිම කිව්වම  හා කියල එකාත් අරගෙන සතාවත් දීල කට්ටිය යන්න ගියා .

      පස්සෙ ඒ සතාට මොකද උනේ දන්නවද?ඌ අර වගෙ විසි තිස් ගුණයකට හැගන්බෙක්ගේ ස්ටෙලිජන් නගරයේ සත්තු වත්තකට විකුනුවා . අඩි 16ක් පමන දිගින් යුතු ඒ වටිනා සත්වයා ඒ සත්තුවතේම පසුකලෙක මියයන්නට ඇති .
 ඊලග වතාවෙ සත්තු වත්තේ නොකී කතා තුලින් හමුවන තෙක් ඔබට සුබ හෙට දිනක් ....