Monday, December 17, 2012

ආවර්ජනා


     සර සර හඩින් වහලයට වැටෙන වැහි බිදු වල හඩ මාගේ සවනට ප්‍රිය
වුවද,වෙනදා මෙන් දෑස සනසන්නේ නැත.කුඩා කාලයේ සිටම රෑට වැස්සක් වැස්සොත් කෙතරම් වැඩ කටයුතු තිබුණත් මා අනිවාර්යෙන් ඇඳට යන්නේ වහින සද්දෙට මා හරිම ආස නිසා.ඒ සද්දෙට කන් දීගෙන ඉන්නකොට මගේ ඇස් දෙක ඉබේටම පියවෙනවා.ඒකයි මම කිව්වේ වෙනදා වගේ අද මගේ ඇස් දෙකට මේ වහින වැස්සෙන් සැනසීමක් ලැබෙන්නේ නෑ කියලා.හ්ම්..... අවුරුදු 22ක් පුරාවට මාත් එක්ක හිටිය,මට ඇත්තටම ආදරේ කරපු මගෙ 'සිචී' අද මගේ ලඟ නෑ කියලා මතක් වෙනකොට මගෙ පපුව වාවන්නෙ නෑ..වෙනදට මේ වෙලාවට මගේ පපුවට මූණ තියාගෙන මගෙන් කෙළවරක් නැතිව ප්‍රශ්න අහනවා.එච්චර කටකාරියක් මම කවදාවත් දැකලා නෑ.ඊයෙත් මගෙ පපුවට තදවෙලා හිටිය මගෙ කෙල්ල අද වෙන කෙනෙක්ගේ උණුහුමේ ඉන්නවා කියලා හිතනකොට මම කොහොමද හිත
හදාගන්නේ..?ආත්මාර්ථකාමියෙක් වෙන්න හිතුවේ නැතත් මම මටත් හොරාම
ආත්මාර්ථකාමියෙක් වෙලා......

    "මට නින්ද යන්නෙ නෑ මගෙ පුතේ..... මට හරි පාලුයි...."

   ඒකයි මම මේ ලාච්චුවේ තිබ්බ පරණ පොත අරගෙන ලියන්න පටන් ගත්තෙ....
   මගේ චූටි කෙල්ල ලොකු වුණ ඉක්මණ..අද දවස මට කවදාවත් අමතක වෙන්නෙ
නෑ..පුතේ...අද ඔයා ගොඩාක් ලස්සනයි.හරියට ඔයාගෙ අම්මා වගේමයි...මඟුල් බෙර වාදනය මැද්දේ පෝරුව ලඟට එනකන් මගේ අතේ එල්ලිලා ඔයා එනකොට මට හරි ආඩම්බරයක් දැනුණා..මේ තරම් ලස්සන,ගුණයහපත්,බුද්ධිමත් දුවෙක් හදපු තාත්තා මම නේද කියලා...මම ඔයාගේ මූණ දිහා හොරෙන් බැලුවා.ඔයාගෙ ඇස් දෙක පුදුම විදිහට දිලිසෙමින් තිබ්බේ.; හරියට ඔයාගේ අම්මා මගේ මණමාලිය වුණ දවසෙ එයාගේ ඇස් දෙක දිලිසුණා වගේමයි......

    දැන් වෙලාව හරියටම රෑ 10යි.තාම වැස්ස. සිචී... ඔයා මගෙන්
ඉල්ලපු හැමදේම වගෙ මම දුන්නා.ඒත් මට එකම එක ඉල්ලීමක් ඉෂ්ට කරන්න
බැරිවුණා.ඔයා අහපු චූටි ප්‍රශ්නයකට මට උත්තර දෙන්න බැරිවුණා..ඒකට හේතුවක්
තිබුණා..පුතාගේ ප්‍රශ්නෙ පොඩි වුනාට මේ තාත්තට දෙන්න තිබ්බ උත්තරේ මහා
විසාලයි..පුතාවත් හිතන්න නැතුව ඇති මගේ උත්තරේ මෙච්චර දිග 1ක්
කියලා....දැන් කාලය ඇවිත් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න...

     මේ තමයි  ඒ මහා දිග පිළිතුර....
     මේ තමයි මගේ කතාව......

සඳ එළියේ කිමිදෙන්න....


කඳුලු වැල් ගලා ගිය
පුන්චි මුව මැලවිලා.....
රනින් දිදුලනා නුඹෙ
දෙනෙත් පෙති රතුවෙලා.....
මගේ පුන්චි තරු කැකුළ...
අඳුරු අහසකට වී
සුසුම් ලන්නේ කිමද....?

වැටහුනි මට.....

සරා සඳ සැඟව ගොස්
නුඹෙ සිනාවත් අරන්.....
අමාවක මහ දිගයි
සිතෙනවා නුඹෙ හිතට.....

නැත සබඳ...

අර බලන්න..

අමාවක පහව ගොස්
නුඹේ සඳ හෙමි හෙමින්
දෑත විහිදා නුඹට
එන්න යැයි කියනවා.....
මගේ පුන්චි තරු කැකුළ.....
ඉතින් දැන් නාඩන්න
සඳ මඩළ වෙතට ගොස්
කිමිදෙන්න...
සැනසෙන්න...
හිනහෙන්න...
දැන් නුඹට අවසරයි.....

Sunday, December 16, 2012

කෙනෙක්ගෙ රහස් දැනගන්න අලුත්ම ක්‍රමය


    දැන් ඔබේ මොලේටත් රිංගන්න විද්‍යාඥයන්ට පුළුවන් කියලයි කියන්නෙ . ඔබේ බැංකු කාඩ්පතේ පින් අංකය කුමක්ද? ඔබේ වාසය කොහෙද ? කියා දැනගන්න . අවශ්‍ය වන්නේ සමන්‍ය හෙඩ්සෙට් එකක් විතරයි .
         ඒක හරියට අනාගතේ එන විද්‍යා ප්‍රබන්ධයක කොටසක් වගේ සිංදු අහන්න ,ක්‍රීඩා  කරන්න යොදගන්නා හෙඩ්සෙට් එකක් මගින් මෙය කරන හටි පෙන්වා දෙන්න විද්‍යාඥයන් පිරිසක් සමත් වුනා . මේ හපන්කම කරේ කැල්ෆෝනියා විශ්ව විද්‍යාලයේ , ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ හා ජිනීවා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් . ඔවුන් ඒ සඳහා භාවිතා කරේ පරිඝණක ක්‍රීඩාවලදී පලඳගන්නා හෙඩ්සෙට් එකක් . එය හැඳින්වෙන්නේ ඊමෝටිච් බ්‍රේන්-කොම්පියුටර් අතුරුමුහුනතක් කියලයි . එය හිසේ පලදවා ගෙන සිටි අයෙකුගේ බැංකු ගිනුමේ පින් අංකය අතුලු රහස්‍ය තොරතුරු රැසක් විද්‍යාඥයන්ට හෙලිදරවු කරගන්න පුලුවන් වුනා .
   
     පරීක්ෂණයට භාජනය වන තැනැත්තා පරිඝණක තිරයක් ඉදිරියේ වාඩි කරවා , බැංකු වල භාවිත කරන පින් අංක ආදිය පෙන්නනවා . ඉන්පසු ඔහුගේ මොලයෙන් එන පණිවිඩ කියවනව . පරිඝණකයි ඔස්සේ . විශේෂයෙන්ම ඔවුන් කියවන්නේ පී300 යනුවෙන් හැඳින්වෙන සංඥායි මොලය අරුත්බර යමක් දුටුවිට ඊට ප්‍රතිචර වශයෙන් වශයෙන් පිටවෙන්නේද ඒ සංඥායි .
යම්  හදුනාගැනීමක් ඇති වූ විට මොලයෙන් පී300 සංඥා නිකුත් කරන්න පටන්ගන්නවා . මිලිතත්පර 300ක් ඇතුලත දී , රූපයක් දුටුවොත් ඉබේම නම මතක් වෙනවා . ගෙදර පෙන්නුවොත් එය හඳුනාගත් බවට සංඥා නිකුත් වෙනවා .මේ ක්‍රමය යොදා ගන්න පුලුවන් වෙවි අනාගතයේදි අපරාධකාරයන් නොකියන රහස් හඳුනා ගන්න මේ පර්යේෂණය කළ පිරිස කියනවා .

“මේ මෙවලම් වලට ඉඩ සැලසෙනවා ඔබේ මොලයේ විද්යුත් රේඛනයක් ලබාගන්න . එහෙමත් නැත්තම් යටිසිතේ ඇති වන ක්‍රියාකරකම් නිසා නිකුත් වන ඇතැම් තරංග හා දත්ත හසුකරගැනීමට .”

        එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිඝණක විද්‍යා අංශයේ උපදේශකයෙකුවන ඉවාන් මැට්‍රිනොවිච් කියනවා .දැන් තිබෙන ප්‍රශ්නය අනාගතයේදි මෙය මිනිසාගේ පුද්ගලිකත්වයට තර්ජනයක් වෙවිද යන්නයි ?
ඉතින් ඔයලා මොකද හිතන්නෙ මේ සොයා ගැනීම ගැන .හොඳයි කියලද?  නැත්තම් තවත් පරමාණු බෝම්බය නිපදුවා වගෙ දෙයක් වෙයිද?
       හිතෙන දේ  කොමන්ටුවක් දාලම යන්න අමතක කරන්න එපා…!!!!!