Monday, December 17, 2012

ආවර්ජනා


     සර සර හඩින් වහලයට වැටෙන වැහි බිදු වල හඩ මාගේ සවනට ප්‍රිය
වුවද,වෙනදා මෙන් දෑස සනසන්නේ නැත.කුඩා කාලයේ සිටම රෑට වැස්සක් වැස්සොත් කෙතරම් වැඩ කටයුතු තිබුණත් මා අනිවාර්යෙන් ඇඳට යන්නේ වහින සද්දෙට මා හරිම ආස නිසා.ඒ සද්දෙට කන් දීගෙන ඉන්නකොට මගේ ඇස් දෙක ඉබේටම පියවෙනවා.ඒකයි මම කිව්වේ වෙනදා වගේ අද මගේ ඇස් දෙකට මේ වහින වැස්සෙන් සැනසීමක් ලැබෙන්නේ නෑ කියලා.හ්ම්..... අවුරුදු 22ක් පුරාවට මාත් එක්ක හිටිය,මට ඇත්තටම ආදරේ කරපු මගෙ 'සිචී' අද මගේ ලඟ නෑ කියලා මතක් වෙනකොට මගෙ පපුව වාවන්නෙ නෑ..වෙනදට මේ වෙලාවට මගේ පපුවට මූණ තියාගෙන මගෙන් කෙළවරක් නැතිව ප්‍රශ්න අහනවා.එච්චර කටකාරියක් මම කවදාවත් දැකලා නෑ.ඊයෙත් මගෙ පපුවට තදවෙලා හිටිය මගෙ කෙල්ල අද වෙන කෙනෙක්ගේ උණුහුමේ ඉන්නවා කියලා හිතනකොට මම කොහොමද හිත
හදාගන්නේ..?ආත්මාර්ථකාමියෙක් වෙන්න හිතුවේ නැතත් මම මටත් හොරාම
ආත්මාර්ථකාමියෙක් වෙලා......

    "මට නින්ද යන්නෙ නෑ මගෙ පුතේ..... මට හරි පාලුයි...."

   ඒකයි මම මේ ලාච්චුවේ තිබ්බ පරණ පොත අරගෙන ලියන්න පටන් ගත්තෙ....
   මගේ චූටි කෙල්ල ලොකු වුණ ඉක්මණ..අද දවස මට කවදාවත් අමතක වෙන්නෙ
නෑ..පුතේ...අද ඔයා ගොඩාක් ලස්සනයි.හරියට ඔයාගෙ අම්මා වගේමයි...මඟුල් බෙර වාදනය මැද්දේ පෝරුව ලඟට එනකන් මගේ අතේ එල්ලිලා ඔයා එනකොට මට හරි ආඩම්බරයක් දැනුණා..මේ තරම් ලස්සන,ගුණයහපත්,බුද්ධිමත් දුවෙක් හදපු තාත්තා මම නේද කියලා...මම ඔයාගේ මූණ දිහා හොරෙන් බැලුවා.ඔයාගෙ ඇස් දෙක පුදුම විදිහට දිලිසෙමින් තිබ්බේ.; හරියට ඔයාගේ අම්මා මගේ මණමාලිය වුණ දවසෙ එයාගේ ඇස් දෙක දිලිසුණා වගේමයි......

    දැන් වෙලාව හරියටම රෑ 10යි.තාම වැස්ස. සිචී... ඔයා මගෙන්
ඉල්ලපු හැමදේම වගෙ මම දුන්නා.ඒත් මට එකම එක ඉල්ලීමක් ඉෂ්ට කරන්න
බැරිවුණා.ඔයා අහපු චූටි ප්‍රශ්නයකට මට උත්තර දෙන්න බැරිවුණා..ඒකට හේතුවක්
තිබුණා..පුතාගේ ප්‍රශ්නෙ පොඩි වුනාට මේ තාත්තට දෙන්න තිබ්බ උත්තරේ මහා
විසාලයි..පුතාවත් හිතන්න නැතුව ඇති මගේ උත්තරේ මෙච්චර දිග 1ක්
කියලා....දැන් කාලය ඇවිත් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න...

     මේ තමයි  ඒ මහා දිග පිළිතුර....
     මේ තමයි මගේ කතාව......

ඔබේ සිතැඟි වලට ඉඩ...