Thursday, November 29, 2012

සත්තු වත්තේ නොකී කතාව...!!!


             මේ  මගේ පලවෙනි ලිපියේ දෙවෙනි කොටස හෙවත් අවසාන කොටස.කලින් කිව්ව වගේම දෙහිවල පිහිටා තිබුනු සත්තු එකතු කරන මධ්‍යාස්තානය ඒක ඔය අද වගෙ නෙවෙයි තිබුනෙ වනගතවයි තිබුනෙ . මාසයක් පුරාවට එකතු කරපු  සත්තු ඊලග මාසෙ මුල සතියෙදි නැවක් එනකම් මේකෙ තමයි රඳවල තියා ගත්තෙ. මේකෙ කිබුලො , කලු දිවියො , කොටින් , දිවි මකුලුවො ,වගේ මාංශ භක්ෂක සත්තුත් හිටිය. රැන්ඩො මහත්තයට තිබුනු ලොකුම අවුල තමා ඒ සත්තු ටිකට දෙන්න කෑම හොයා ගන්න  තිබුන අමාරුව. ඒ කට හේතුව උනෙ එද ලාංකිකයො අධ්‍යාත්මික වශයෙන් ඉහල තැනක  හිටියේ . කවුරුවත් වගේ මස් මාලු අහාරයට ගත්තෙ නැහැ . ඒ හින්ද ලංකාවෙ මස්, මලු කඩ තිබුනෙ අතේ අඟිලි ගානටත් වඩා අඩුවෙන් ඒ කත් අපේ රටේ හිටපු කලු සුද්දො වෙනුවෙන් .
         හොඳම උදාහරණය තමා දවසක් දිවියෙක්ගෙ කටින් බේරගත්ත වඳුරු පැටියෙක්ගෙ අත හොදටම තුවාල වෙලා . ඌ ගොඩාක් අමාරුවෙන් හිටියෙ . ඉතින් රැන්ඩො කිව්වා ඌව මරන්න කියල , ඒත් අපේ අය ඒකට එකඟා වුනේ නැහැ . බැරිම තැන එයාටම පොල්ලක් අරගෙන උගේ හිස දෙපලු කරන්න සිද්ද වුනා. ඒකෙන් පස්සෙ මෙයා ගැන අපේ අයගෙ හිතේ තිබුන විශ්වාසය අඩු උනා . ඒක ආයි මුල් තත්වෙට පත් කරගන්න ගොඩාක් මහන්සි වෙන්න සිද්ධ වුනා .
        ටික කාලයක් යද්දි එයාට් අවශය ආකාරයේ දුර්ලභ සතුන් , පැළෑටි ලැබුනෙ නැහැ . ඊට පස්සෙ එය කරේ එයාට අවශය සතුන්, පැළෑටි වල රූප ඇඳල අපේ අයට දීල අරගෙන අවොත් සල්ලි දෙන්නම් කිව්ව. ඒකත් පහු වෙද්දි මදි වෙච්ච හින්ද මෙයා දවස් 2ක 3න කට ඇති වෙන්න අවශය කෑම බීම අරගෙන කට්ටියකුත් එක්ක වනගත වෙලා එයාට යුරෝපයෙන් ලැබුන ඕඩර් සපුර ගන්නවා . ඒ අවස්තා වලදී තමන්ට වටිනා සතුන් එකතු කරගත් අතර ඇතැම් විට ඉතා නින්දිත අයුරින්ද ක්‍රියා කරා . වරෙක වැලහින්නක් හා පැටව් 2ක් ඔවුන් යන මගේ ඉදිරියට ආ විට වැලහින්නට වෙඩි තබා පැටවුන් 2නා ලබාගත්තා . තවත් වරෙක  එක් ගමක් බිය වද්දා ගෙන සිටි කලුදිවි ජෝඩුවකුයි පැටව් 2ක කුයි හිටියා . මෙයා කට්ටියත් එක්ක නැවතිලා උගුලක් අටවලා බලා ඉඳල කොහොම හරි දිවිය අල්ලගත්තා . සත්තු ගැන් හසල දැනුමක් තිබුනු රැන්ඩො දන්නව දිවි ධේනුව දිවිය හොයාගෙන කොයිවෙලේ හරි එනව කියල. ඒ හින්ද ඊලඟ දවසෙ රෑ හන්ගිල රැකගෙන හිටිය කට්ටියත් එක්ක . තම් ස්වාමියා කෙරෙහි දැඩි බැඳිමෙන් යුත් දිවිදෙන රෑ වෙනකොට හිමින් හෙමින් දිවියා ඉන්න කූඩුවට කිට්ටු කරා .තම  පෙම්බරියගේ සුවඳ දැනුනු  දිවියගෙ මුවුන් සිහින් කෙදිරිය පිට උනා පමනයි , රැන්ඩො දැන ගත්ත දිවිදෙන් ලගට අවිල්ල කියලා. බලනකොට දිවිදෙන කූඩුව ලඟ කරකෙනව . හරියටම ඉලක්කයි බලලා තුවක්කුව කොකා ගස්සපු රැන්ඩො දිවිදෙනගේ අවසන් හුස්ම දිවියාගේ දෑස් තෙත් කරමින් ගුවනට මුසුකරේ දිවියාගේ දරුණු හිත වෙඬරු පිඩක් මෙන් උණු කරමින්.




               මෙලෙස අපේ රටේ දුර්ලභ සතුන් , සර්පයින් , පැළෑටි දස දහස් ගණනක් පැටෙව්ව . ටිකෙන් ටික සංවර්ධනය  කරපු මද්‍යාස්ථානෙට නරබන්නන්ට එන්න පුලුවන් ක්‍රමයක් හැදුව . වනගතව තිබුනු මෙය හොඳට පිලිවෙලට සත්තු ගාල් කරල ඒව අතර ගමන් කරන්න පුලුවන් විදිහට මාර්ග පද්ධතිය ක් හදල ඔය දැන් දකින්න තියන සත්තු වත්තෙ මුල් ආකෘතිය නිර්මානය කරා . අදාල කාලසීමාව අවසන් වීමෙන් පසු එයාලගෙ රටට යනකොට තුවාල වෙච්ච එයාලට වඩක් නති සත්තු ඉතුරු කරල ඉතුරු ටික අරගෙන ගියා. ඒක හරියට අපෙන් වටිනා සම්පත් දහස් ගන්නක් අරගෙන ආ මේක ගන්න  කියල සන්තොසෙට රුපියල් 10ක් දීල වගේ .මේ ලගදිත් අපේ සහොදරයෙක් අලුත් දිවි මකුලුවෙක් හොයා ගත්ත .ඒ ගන විස් තරයක් බලන්න මෙතනින් යන්න   ඉතින් ඒ කාලෙ කොච්චර ඒ වගේ සීමිත ගානක් හිටපු සතුන් අපිට නතිවෙන්න ඇත්ද්?

           අපි කවුරුත්  වලින් විනෝද චාරිකාවක්  ගියොත් ගොඩක් දුරට සත්තුවත්ත බලන්න යනවා, පාසල් වලිනුත් එක්ක යනව ..ඒත් ගොඩක් අය එකෙ යට ගියාව දැනගෙන  ඉන්න නැතුව ඇති. වර්ත්මාන සත්තුවත්ත පැන් අහිමිවී ගිය සම්පත් සමූදායක තවත් එක් සංකේතයක් කියල මෙ මගේ පලවෙනි ලිපියෙන් ඔයාලට තේරුනා නම් මට ඒ ඇති .

තවත් මැවැනිම ලිපියකින් හමුවන තෙක් ඔයාල ඔක්කෝටම ජයෙන් ජය ….!!!!! 

ඔබේ සිතැඟි වලට ඉඩ...